සිංහල පිරුළු කථා / Sinhala Proverbs Stories

අටුව කඩා පුටුව හැදුවා වාගේ...
To pull down the loft and make a chair out of the materials.

ඔන්න පුතේ දුවේ.. මේ කතාව කියවන්නකො... ඔය පුතාලා දන්නවද අටුව කියන්නෙ මොකද්ද කියලා.. අටුව කියන්නෙ අපේ ගැමි ගෙවල් වල කුස්සියෙ ලිපට උඩින් හදලා තියෙන මැස්සක් වාගෙ එකක්... ගොවිතැන් කරලා ලබාගත්තු අස්වැන්නෙන් කොටහක් පස්සෙ කාලෙක ප්‍රයෝජනයට ගන්න අරන් තියන්නෙ මේ අටුවෙ තමා...වී.. කුරහන්..මුං..තල..මෙනේරි..කවුපී.. වාගෙ ධාන්‍ය ජාති මැටි වලින් හරි, වේවැල් වලින් හරි හදාපු භාජන වල දාලා මේ අටුව උඩ අරන් තියෙනවා.. හැමදාම ලිපේ රස්නෙත්, දුමත් වදින හන්දා මේ ආහාර වර්ග අවුරුද්ද පුරාම නරක් වෙන්නෙ නැතුව තියෙනවා....

ඉතිං.. පුතේ..දුවේ..  පුතාලා දන්නවනෙ වාඩිවෙන්න ගන්න පුටුවක් හදාගන්න ඔය  ලී කෑලි ටිකකින් පුළුවන් නෙව.. ඉතිං.. අර තරං වටින අටුවක් කඩලා.. ඒකෙ තියෙන ලී අරගෙන පුටුවක් හදාගන්නවා කියන්නෙ මොන තරං අපරාදයක්ද.. නේද.. ඒක හරිම නිෂ්පල දෙයක් නෙව.. ඉතිං.. පුතේ.. අපිට ගොඩාරියක් ප්‍රයෝජන තියෙන දෙයක් විනාශ කරලා ..නිකම්ම සුලු ප්‍රයෝජනයක් තියෙන දෙයකට යොදා ගන්න වෙලාවට තමා අපේ පැරණි මුතුන් මිත්තො කිවුවෙ...ඒකත් හරියට අටුව කඩලා පුටුව හැදුවා වාගේ.. කියලා...


අන්ධයාට දීකිරි වල සුද කිව්වා වාගේ...
Like the description of curd given to a blind man

ඔන්න පුතේ දුවේ.. මේ කතාව කියවන්නකො.. ඔන්න.. දවසක් අන්ධ මනුස්සයෙකුට තවත් කෙනෙක්   දීකිරි වාගයක් දුන්නලු.. මේ මොනාද කියලා ඇහුවාම.. මේවා තමයි දීකිරි කිවුවලු.. එතකොට අන්ධයා ඇහුවලු.. දී කිරි මොන වගේද තියලා.. අර මනුස්සයා උත්තර දුන්නලු ..දීකිරි සුදු පාටයි කියලා.. ඉතිං.. පුතේ දුවේ.. උපතින්ම අන්ධ මනුස්සයෙක් සුදු පාට දැකලා තියෙනවයැ..ඒක හන්දා අන්ධ මනුස්සයා ඇහුවලු.. මේ.. සුද කොයි වාගෙද කියලා.. අර මනුස්සයත් කල්පනා කරලා කිවුවලු .. සුද හරියට කොකෙක් වගේ කියලා.. ඒ සැරේ අන්ධයා අහනවලු.. ‍කොකා මොන වගේද කියලා.. ඒ සැරේ අර මනුස්සය එයාගෙ අතක්.. කොකා වාගේ නවලා හැඩ කරලා.. අන්ධයට අල්ලන්න දීලා කිවුවලු.. කොකා හරියට මේ වගේ කියලා...ඒ සැරේ අන්ධ මනුස්සයා .. අර මනුස්සයගෙ නවාපු අත හොදට අත ගාලා බලලා කිවුවලු.... හ්ම්.. එතකොට දීකිරි වල හැටිත් හරියට  අතක් වාගේ.. නේද කියලා...  ඔන්න පුතේ දුවේ.. යමක් මොනම විදියකටවත් තේරුං කරලා දෙන්නත් බැරි.. තේරුං ගන්නෙත් නැති මනුස්සයෙක=ට යමක් තේරුං කරලා දෙන්න යනකොට තමා කියන්නෙ.. ඒකත් හරියට .. අන්ධයට දීකිරි වල සුද කිවුවා වාගේ.. කියලා.

A person being asked what curd was like by a man who was born blind, said it was white, on being asked what white was like, " It is like a crane" was the reply.  " What is the crane like" was the next question. The man bent his hand in to the shape of a crane and ask the blind man to feel it. The blind man felt the hand and said " Ohhh.. after all curd is exactly like the hand.."


ඞි  හත්දෙනා කැඳ ඉව්වා වාගේ...
As the  Seven Andiyas (  7 Gurus ) cooked cunjee


ඔන්න පුතේ.. දුවේ.. එක කාලෙක හිටියලු බොහෝම යාලු කමින් ඇසුරු කරපු ආඞි හත් දෙනෙක්.. මේගොල්ලො තැන් තැන්වල ඇවිදලා රෑ වුනාම එක අම්බලමකට ඇවිත් නවාතැන් ගත්තලු.. මේගොල්ලො යාලුවො උනාට එක්කෙනාට එක්කෙනා කපටි කම් තමා කරන්නෙ.. ඉතිං.. දැං රෑ කෑම හදන්න සූදානම් වෙනකොට හැමෝම කතා වුනාලු අද රෑට කැඳ බොමු කියලා.. ඉතිං.. දැන් වතුර හැළියක් එහෙම ලිපේ තියලා එක්කෙනෙක් තමන්ගේ හාල් මල්ල අරං එතෙන්ට ගිහිං.. අර මල්ල ඇතුලට අතදාලා.. බොරුවට අත මිටමොලවලා.. ඔන්න මගේ හාල් මිට මං දැම්මා කියලා අනික් අයට බොරුවක් කළාලු.. අනික් හය දෙනා  හිතුවෙ පළවෙනියා ඇත්තටම හාල් දැම්මා කියලයි.. දෙවෙනියාත් තමන්ගෙ හාල් මල්ල අරං ලිප ළගට ගියා.. අනික් අයට බොරුවක් කරලා මගෙ හාල් ටික ඉතුරු කර ගන්න ඕනෙ කියලා හිතලා..එයා මොකද්ද කළේ.. බොරුවට මල්ල ඇතුලට අත දාලා.. ඔන්න මගෙ හාල් මිට දැම්මා.. කියලා බොරු රගපෑමක් කළා.. එයා හිතුවෙ අනික් අය ඇත්තටම හාල් දමයි කියලා.. ඒත් දන්නවද තුන්වැනියා කළේ මොකද්ද කියලා.. එයා අනික් අයව රවට්ටන්න බොරුවට අත මිට මෙලෙව්වා විතරයි.. හාල් දැම්මෙ නෑ.. ඔය විදියට හත් දෙනාම හාල් මිට..මිට දාලා ටික වෙලාවකින්.. හ්ම්.. දැන් ඉතිං බඩගිනි හන්දා කැඳ බොමු කියලා හැමෝම තම තමන්ගෙ ‍බාජනත් අරං කැඳ හැළිය හොදට කලත්තලා..එක් කෙනෙක්  හැන්දක් බෙදා ගත්තලු.. ම්හු... බත් ඇට නං නැතිලු.. වතුර විතරක් තිබුනලු.. තවත් එක්කෙනෙක්.. තවත් හොදට කලවම් කරලා .. හැන්දක් බෙදා ගත්තලු.. ඒත් තිබුනෙ වතුර විතරයිලු.. එතකොට හැමෝම මූණට..මූණ බලා ගත්තලු..  මොකද දන්නවද වෙලා තියෙන්නෙ... හත් දෙනාම කරලා තියෙන්නෙ බොරු.. තමන්ගෙ හාල් ඉතුරු කරගන්න හිතාගෙන බොරු කරලා.. අන්තිමේදි හත් දෙනාට එකිනෙකාට රැවටුන එක විතරයි වුනේ.. හත්දෙනාම බඩගින්නෙ නිදා ගත්තලු.. ඔන්න පුතේ දුවේ.. පිරිසක් එකතු වෙලා.. සමගියෙන් එකා වාගේ වැඩක් කරන්න ලේස්ති වෙනකොට.. තමන්ගෙ වගකීම ඉටු කරන්නෙ නැතුව අන් අයට බොරු කළොත්.. අන්තිමට වෙන්නෙ..‍‍සේරෝම  එකිනෙකා රැවටෙන එකයි.. ඒ වාගේ දෙයකදි තමයි කියන්නෙ ..ඒකත් හරියට ආඞි  හත්දෙනාගෙ කැඳ  හැළිය වාගේ කියලා..

As the  Seven Andiyas (  7 Gurus ) cooked cunjee

Seven Andiyas who happened to be in the same lodging agreed to cook a pot of cunjee for their dinner. Each one promised to contribute a handful of rice. A pot of water was accordingly placed over the fire and each of the Andiyas thinking that the others would put in their quota of rice went near the pot and pretended to put in his handful. At his however when the contents of the pot were poured out it was found to contain nothing but water.


අබරා සිල් සමාදන් වුනා වාගේ...
As ' ABARA' received Ata Sil ( observance of the eight precepts)

ඔන්න එක ගමක ජීවත් වුනාලු අබරා කියලා ටිකක් මෝඩ මිනිහෙක්.. මේ මනුස්සයගෙ බිරිද හැම පෝය දවසකම අටසිල් සමාදම් වෙනවලු.... දවසක් මේ බිරිද , අබරා ට කිවුවලු.. ඇයි මනුස්සයො ඔහොම අත් දෙකත් බැද ගෙන බලා ඉන්නෙ.. පෝය දවසටවත් පන්සලට ගෙහුං සිල් සමාදන් වෙනවකො.. කියලා.. එතකොට අබරා කිවුවලු.. අනේ හාමිනේ මට ඕවා තේරෙන්නෙ නෑ.. කියලා. එතකොට අර බිරිද කිවුවලු.. ඕක ඔය තරං අමාරැ දෙයක් නෙවෙයි.. පන්සලට හිහුං හාමුදුරුවො කියන.. කියන වචන තමුනුත් ආයෙම කියන එකයි.. සිල් ගන්නවා කියන්නෙ කියලා... ඉතිං ඊළග පෝය දවසෙ බිරිද කිවුවලු.. අද මට සිල් ගන්න යන්න වෙන්නෙ නෑ.. ඒක හන්දා මේ එක්කෙනා ගිහුං සිල් ගන්න කියලා.. ඉතිං... සුදු ඇදුමක් එහෙම අබරා ට අන්දවලා පන්සලට යැවුවලු... අබරා පන්සලට ගිහුං.. හාමුදුරුවන්ට පේන්න එහාට මෙහාට ගියාලු... හාමුදුරුවො අබරා ව දැකලා.. කොහෙද උඹ යන්නෙ... කියලා ඇහුවලු... එතකොට අබර ත් තිවුවලු... කොහෙද උඹ යන්නෙ... කියලා... හාමුදුරුවන්ට පුදුම හිතිලා.. ඇහුවලු.. උඹට පිස්සුද... කියලා... අබරා ත් හාමුදුරුවො කියන වචනෙම කියන්න ඕනෙ හන්දා... කිවුවලු.. උඹට පිස්සුද..  කියලා.. හාමුදුරුවන්ට හොදටම කේන්ති හිහුං.. කෑ ගහලා කිවුවලු.. කොල්ලනේ.. මෙන්න මේ පිස්සව පන්සලෙන් එළවලා දාපල්ලා කියලා... අබරා ඊටත් වඩා හයියෙන් කිවුවලු... මෙන්න මේ පිස්සව පන්සලෙන් එළවලා දාපල්ලා කියලා... පන්සලේ හිටිය මිනිස්සුන්ට.. කොල්ලන්ට මේක ඇහිලා.. අබරා ව අල්ලගෙන හොදටම තඩි බාලා.. පන්සලෙන් එළෙව්වලු.... අබරා ඇග රිදුම් දිදී.. ගෙදර ගිහුං.. මායියට කියනවලු.. අනේ මන්දා ඔහේ දෙපෝයට සිල් අරගෙනත් හොදට ගෙදර ඇවිත් ඉන්නවා.. අද එක පෝයක් සිල් අරගෙනත් මට ඇගපත සේරෝම රිදෙනවා බං .. කියලා...  තමුන්ගෙ මොළේ කල්පනා කරලා යමක් කරන්නෙ නැතුව.. අනුන් කියන දේ ම කරන්න ගියාම තමා කියන්නෙ.. හරියට අබරා සිල් ගත්තා වාගේ.. කියලා.

As ' ABARA' received Ata Sil ( observance of the eight precepts)

A certain woman on her return from the temple after receiving Ata Sil  ( observance of the eight precepts) ask the husband why he too did not receive Sil. " I do not know how to do it.." replied the husband. " What you have to do " said the wife, " When you go to the temple is to repeat after the priest what over he tells you.." . The husband accordingly went to the temple. The priest on seeing the man asked him.. " Hellow man'' where are you going?.." ' The man who repeated the same words, " Are you mad?.." said the priest.  " Are you mad..?" rejoined the man. The priest who had waxed very wrath now ordered his attendants to give the man a thrashing. This order too was repeated by the man in the very words of the priest. The man however was given a sound thrashing by the priests' attendants. On going home he told his wife , that he was surprised she looked so healthy after receiving Sil once a fort-night where as he had caught a fever by receiving it only once'

HTML Comment Box is loading comments...