අපේ කට්ටිය

මෙම වෙබ් අඩවිය ලොවට හඳුන්වා දුන්නේ ගුවන්විදුලි හා රූපවාහිනී නිවේදකයෙකු , ටෙලිනාට්‍ය ශිල්පියෙකු හා නාට්‍ය පිටපත් රචකයෙකු වන මාධ්‍යවේදී ශී‍්‍ර නිමල් පද්මකුමාර විසිනි . වසර 35 කට ආසන්න කාලයක් ගුවන් විදුලියේ හා රූපවාහිනියේ විවිධ වැඩ සටහන් තුළින් ලැබූ පන්නරය හා අත්දැකීම් මත ඔහු  රූපවාහිනී ටෙලිනාට්‍ය ඉතිහාසයේ මුල් යුගයේ ඞී.බී. නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ , රේඛා , , ගාමිණී ෆොන්සේකා රගපෑ එකම ටෙලිනාට්‍යය වූ , සුදු සහ කලූ , ල , සුළග , සහ බර්මින් ලයිලි ගේ  , ගංගා සහ නිස්සංක , ආදිය තුළින් ද ස්ටැන්ලි ලියනගේ ගේ , පුරපති , , රින්ස්ලි වීරරත්න ගේ , අකුරට වැඩ , ,  ඊ.එම්.ඞී. උපාලි ගේ , පියාඹන අස්සයා , ආදී වේදිකා නාට්‍ය තුළින් ද ,  විජය ධර්ම ශී‍්‍ර ගේ , හිමගිර , , මිල්ටන් ජයවර්ධන ගේ , සුදු අක්කා , ආදී සිනමා පට තුළින් ද ලද අත්දැකීම් තවත් ඔපවත් වූයේ ශී‍්‍ර ලංකාවේ මුල්ම රූපවාහිනී ලොතරැුයි වැඩ සටහන වූ ,  ,වාසනා චක‍්‍රය , හි නිවේදක ලෙසින් හා පසු කළෙක පේ‍්‍රමකීර්ති ද අල්විස් ශූරින්ගේ හදිසි අභාවයෙන් පසුව ඔහුගේ අඩුව පිරිමැසූ , සම්පත් රේඛා, හි නිවේදක ලෙසින්ද කටයුතු කරමින් ය.

වසර 21 ක් මහවැලි ව්‍යාපාරයේ ප‍්‍රවෘත්ති නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවය කළ ඔහු පසුව අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ මාධ්‍ය ලේකම් වරයා ලෙස ද කටයුතු කළ අතර,  ස්වාධීන රූපවාහිනියේ වසර 10 ක් පමණ විකාශය වූ සමස්ත ශ‍්‍රී ලංකා වාසීන් අතරම ජනප‍්‍රිය වූ වොන්ඩර්ලයිට් කුමර කුමරියෝ වැඩ සටහන මෙහෙයවීය.  ශී‍්‍ර ලංකාවේ දීර්ඝතම ගුවන්විදුලි නාට්‍යයේ 1995 සිට 2010 දක්වා වසර 15 ක රචකයා ද වූ අතර, ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහන නිවේදකයෙක් වේ. මෙම සියලූ අත්දැකීම් මත මෙම අපූරු වෙබ් අඩවිය ඔහු නිර්මාණය කරයි.

This web site, www.pirulu.com was introduced by me, Sri Nimal Padmakumara, a radio and TV announcer, teledrama artiste and a writer.  This is one of my dreams which I wished to achieve making use of my experience and expertise over a period of 35 years in TV and radio programmes.

In the history of Sri Lankan teledramas, my contribution towards “Rekha”, “Sulanga” ,“Sudu saha Kalu” ( where Gamini Fonseka was an actor) directed by D.B.Nihalsinha and “Ganga and Nissanka” of Bermin Liley;  stage plays “Purapathi” of Stanley Liyanage, “Akurata Weda” of Rinsley Weeraratne, “Piyambana Assaya” of E.M.D. Upali;  films such as “Himagira” of Wijaya Dharmasri, “Sudu Akka” by Milton Jayawardena.  My experience got more polished by participating as an announcer of “Wasana Chakraya( Wheel of Fortune ) ” the first TV Lottery programme and later by my filling the void caused by the death of Premakirthi de Alwis as the announcer of “Sampath Rekha”.

I was in government service as the Information & Publicity Officer of the Mahaweli Project for 21 years and later served as the Media Secretary for two Ministers.  I conducted the “Wonderlight Kumari Kumariyo” programme broadcasted by the ITN for about 10 years;  I was the writer of the longest radio drama " Muwan Pelessa "  for 15 years from 1995 to 2010 and also serve as the Relief Announcer of Sri Lanka Radio. 

 

 


මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන්නට තාක්ෂණික දායකත්වය ලබා දුන්නේ තවමත් 20 හැවිරිදි තරුණයෙක්. ඔහු තිළිණ ප‍්‍රසාද්. ජයශී‍්‍ර රේඩියෝවේ තාක්ෂණික සහාය මෙන්ම ජනප‍්‍රිය සජීව වැඩ සටහන් කිහිපයක්ම ඔහු මෙහෙයවනවා. අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් නව නිර්මාණ කරන්නට ඔහු තුළ ඇත්තේ අපූරු ආශාවක්. පිරුළු වෙබ් අඩවිය නිර්මාණය කරන්නට අත හිත දෙමින් ඔහු තම හැකියාව අනාගත දරු පරපුර වෙනුවෙන් කැප කරයි.

 

HTML Comment Box is loading comments...